Wednesday, May 15, 2013

05. මාරයා සෑර්ගේ අවංක කම

බ්ලොග් ලෝකෙ වැඩිම ඇසූපිරූ දැනුම ඇත්තේ මාරයා සෑර්ට තමා ආයුබොවන්ඩ. එතුමට කිට්‍ටු කොරන්ඩ එකෙක්වත් නෑ. මාරයා සෑර් නොකරපු දෙයක් තියෙනවද? බස් පලුවෙක් වෙලා ඉඳලා, පොලෝසියේ ඉඳලා, කුරුලු හමුදාවෙ ඉඳලා, සික්කෙක් වෙලා ඉඳලා, මහන වෙලා ඉඳලා කොරපු නොකරපු දෙයක් නැහැ නොවෑ.

එහෙවු මාරයා සෑර්ටත් මේ කොහෙදෝ යන ගෑනු පරාණයක් අපහාස කොරල නොවෑ. මාරයා සෑර් කියන විදියට නම් ඒ ගෑනි ඇනොනිමස් කියන කාලකන්නියට කියල කමෙන්ට් එකක් දම්මන්න ගිහින් නමින්ම කමෙන්‍ටුව වැටිලලු නොවැ ආයුබොවන්ඩ. මොනව උනත් එවුව බලු වැඩ ඕං.

මාරයා සෑර් කවදත් සත්ගුණවත්, ජනතා හිතෙයිෂී, ජනහිතකාමී, ජනතා සේවක මහත්තය නිසා මේ ගෑනිගෙන් අනිත් බ්ලොග් කාරයො ටික පරිස්සම් කොර ගන්න ඕනෙ කියල ඔය සංසිද්ධිය සහසුදෙන්ම කියල පෝස්ට් එකක් පවා දාල අපිව දැනුවත් කරේ එතුමගේ තියෙන උත්තම ගති පැවතුම් නිසා ආයුබොවන්ඩ.

මාරයා සෑර් නලිනි මිස්ව බැන්ද කියල කයි කතන්දර හදන උන්ගෙන් මං අහන්නේ තොපිට මොකටද ඌ කවුරු එක්ක බුදිය ගත්තත් කියල. අපිත් කොල්ල කාලෙ ඔවුව කොරා නොවෑ. එහෙම එවුව කොර ගන්න බැරි උන් තමා මුන්දැට දොස් කිය කිය යන්නේ.

මාරයා සෑර් නලිනි මිස්ව අඳුරගෙනත් ඒ හැටි කාලයක් නැහැ නොවෑ. මාරයා සෑර් කියන විදියට "බලු කමෙන්ට් දැමූ බ්ලොග් කාරිය" නලිනි මිස්ගෙත් "ඉස්සර" අතිජාත යාලුවෙක් වෙලා හිටිය TG කියල බ්ලොග් ලියන මැඩම් කියලත් තමුන්නැහේල දන්නව ඇති නොවෑ.

මාරයා සෑර්ගෙම බ්ලොග් එකේ කවුදෝ අලුගුත්තේරුවෙක් පොටෝ කෑල්ලක් එල්ලලා තිබුනා. ඒ එල්ලලා තිබුන පොටෝ කෑල්ලෙ ඉන්නෙ මාරයා සෑරුයි, නලිනි මිසුයි, ටීජී මිසුයි. පොටෝ කෑල්ල අරගෙන තියෙන්නේ හබරණ චායා විලේජ් එකේදි කියල ඉන්දික සෑර් (ඔව් ඔව් නය දෙන සෑර් තමා) කියන්නේ.



එතකොට මේ මිස්ල දෙන්නම එක්ක එකට එහේ මෙහේ සවාරි ගැහුව මාරයා සෑර් එක මිස් කෙනෙක් එක්ක යාලු වෙලා අනිත් මිස්ට හොදි නැතුව නෙලල තියෙන්නෙ ඒ සෑර්ගෙ අවංක කමමද එහෙමත් නැත්නම් වෙන මොනා හරි ආරෝවක් පිරිමහ ගන්න දැම්ම ගොං පාර්ට් එකක්ද ආයුබොවන්ඩ?

බලන්නකො සෑර් එකෙත් හැටි, නොසන්ඩාලයො රෑනක් ඇවිත් එතනත් අපේ සත්ගුණවත් මාරයා සෑර්ට කෝචොක් දාලනේ.
  
දෙන්නටම එක හැන්දෙන් බෙදුව නම් අරවගේ පොස්ට් ලියන්න වෙන එකක් නෑ මගේ හිතේ :D  

ගෑනු දෙන්නෙක් කොහෙද බන් සාමෙන් සමාදානෙන් මිනිහෙක් බෙදා ගන්නේ :-D 

මාරයියා...හ් මම සාමෙන් ඉන්නම් අයියා...හ් 

මහරජ, පෙනෙනා විදියට ඉන්නේ ඡායා විලේජ් එකේය. එකට හබරන ගිය උන්දැ එහෙනම් උඹට මේ කෙලියෙ ආ!

Tuesday, May 14, 2013

04. නලීන් සෑර්ගේ සූර්ය තාපයෙන් කරෝල වේලිල්ල

නලින් සෑර් පෝස්‍ටුවක් දමල තිබුනනෙ බොලවු ආණ්ඩුවෙන් සූර්ය තාපයෙන් මාලු විජනනය කොරන කුටීරයක් නාත්තණ්ඩෙයේ හැදුවය කියල. මොනව උනත් යස වැඩක් නොවැ කියල මමත් ඒ ගැන විපරං කොරා.

ආණ්ඩුවෙන් ගමට කොරන්නෙ නැතිය, රේස් පදිනවා බාල් නටනවා විතරය කිය කිය කෑගහන වේ*ගෙ පුතාලට ඔන්න හොඳ පාඩමක් කියල මමත් චූං එකේ විස්කිරිඥයක් එක්ක ප්ලේන්ටියක් ගහන ගමං නලින් සෑර්ගෙ පත්තරේ විස්තරේ බැලුව නොවැ.

"මූදූකටුව ධිවර ගම්මානයේ අතිරික්ත මාළු අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහ ධීවර ජනතාවට මාළු අස්වැන්නෙන් වැඩි ආදායමක් ලබා ගැනිමට පහසුකම්  සැලසිම  මඟින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වෙනත් කිසිඳු බලශක්තියක් භාවිත නොකර සූර්යතාපයෙන් පමණක්  ක්‍රියාත්මක වන මෙම තාප කුටිරයෙන් දිනකට මාළු  කිලෝ 120ක් පමණ විජලනය කිරිමේ හැකියාව පවතී. මෙම  විජලිත මාළුවල විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන විජලිත මාළුවලට වඩා උසස් තත්ත්වයෙන් යුත් වැලි සහ අපද්‍රව්‍යයන්ගෙන් තොර රසයෙන් සහ ගුණයෙන් යුත් සෞඛ්‍ය ආරක‍ෂිත සහ ගුණාත්මක බවින් වැඩි කරවල නිෂ්පාදනයක් ලබා ගැනිමට හැකි වීමයි. "


ඔය පෝස්‍ටුවේ කමෙන්‍ටු බලද්දි තවත් එකෙක් ඔය තාප විජලන කුටීර අට්ම්පහුර ගැනම ලියල තිබුන නොවැ බොල. නලින් සෑර් චම්පික සෑර් දෙයියෙක් කරල ලිවුවට අනිත් සෑර් චම්පික සෑර්වයි නලින් සෑර්වයි දෙන්නම බලු කොරල ලියල තිබුනේ.

"සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය හදා ඇත්තේ කොහොමදැයි  හොයා බැලූ විට දැන ගන්ට ලැබුනේ යකඩ දැල් තට්‍ටු කීපයකට ගසා ඒ වටේට කපුටන්ට එන්ට බැරි වෙන්ට තව දැලක් දමා තිබීමය. කොටින් කිව්වොත් සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය කිය  කියන්නේ අව්වෙන් කරවල වේලන තට්‍ටුවටය.

ලංකාවේ  විද්‍යා ,තාක්ෂණ හා  පරමාණුක බලශක්ති අමාත්‍යාංශයේ අලුත් සොයා ගැනීම මාලු අව්වේ දැම්මාම කරවල හැදෙන බවය. මේ  හොයා ගැනීම නිසා සමහර විට චම්පික ඇමතිතුමාට නෝබෙල් තෑග්ගත් හම්බ වෙන්ට ඉඩ තිබේය.අපි එතුමාට සුභ පතමු."


මගේ මේ නාකි මොලේට කම්පනා වුනේ ලක්ස දෙකකට කිට්‍ටුව වියදම් කොරල ඔය කියන අවුවෙන් කරවල වේලන ගැජට් එකක් හදන්නෙ නැතුව, පැදුරක අවුවේ මාලු වේලෙන්න දාල, "සූ සූ" කියල කපුටො එලවන්න දවසට රුපියල් 100 ක් දීල පොඩි කොලුවෙක් දැම්ම නම් අවුරුදු 5 ක් කරෝල වේලතෑකිනෙ ආයුබොවන්ඩ.

නලින් සෑර් ගිහින් හොඳට පැහැදිලි කරල දීල තියෙනව මේ සූර්ය බලශක්ති, සූර්යතාප, විජලන, විකිරන අහවල් උපකරණෙ ගැන අරූට කංවල ඇඟිලි ගහගන්න.

අමාවක මේ සටහන ගියේ මගේ බ්ලොග් එකේ.. මෙතැන දැලක් නොවේ ඉටි ආවරණයක් පවතින්නේ. ඒ වගේම ජලවාශ්ප අයින් කරන ක්‍රමවේදයකුත් සිදුවෙනවා..නිකම්ම අව්වේ වේලනවාට වඩා වැඩි දෙයක් සිදුවෙනවා.. ඒ වගේම ඔබ කියන්න යන දෙයත් නොවැටහෙනවා නොවේ.පිංතුරයේ පහළ හොඳින් බලන්න මා කියනා දේ වැටහේවි..

ඇනොනිමස් කියන එකා ඇවිල්ල නලින් සෑර්ටත් බැනල තිබුන නොවැ. අම්මප මට ඕක අහුවුනොත් ඕකගෙ හතර හංදි කඩනව කඩනවාමයි.

නලින්, ආණ්ඩුවට පුක දෙනවට මාසෙකට කීයක් ගෙවනවද බන්? 

මචන් අව්වේ වෙලනකොට ජල වශේපේ අහක්වෙන්නේ නැද්ද?  

වහිනකොට පුක එලියෙ දාගෙන තල් අත්තක් උස්සන් වෙන්න ඉන්න වෙනකොට කොහොමද? 

උබ ඉන්නේ වහින කාලෙට කරවල වේලන කේප්ප හරක් ඉන්න පැත්තකද? එතකොට අර ජලවශ්පේ පැකට් කරලද අහක් කරන්නේ? 

ඔය විදිහට කඩේ ගිය එව්වො තමයි කරෝල කූරියො වෙලා කඩේ එල්ලිලා ඉදලා අපේ බඩට යන්නෙ... එතකන් ඉතින් කරවල ගද පතුර පතුර යනවා.... 

වහින කාලෙට විමලෙට කියලා කෙසෙල් කොළ අටවනයක් හදා ගනිල්ලා. එක මරු. 

අධීක නිශ්පාදනය නිසා කරවල මිළ පහළට
(පරමාණු ශක්තිය සොයා විදේශීය දූත පිරිසක් ලංකාවට සැපැත්වන වගයි) 

උඹලා කාටවත් මේ වැඩේ වටිනාකම තේරෙන්නේ නැති හැටි අම්මපා.යකෝ කරවල ඔය විදියට වේලුවාම ඒකේ හොඳ ශක්තියක් ගබඩා වෙනවා. ඊට පස්සේ ඒ කරවල පරමාණු බෝම්බ විදියට පාවිච්චි කරන්න පුලුවන්.

Monday, May 13, 2013

03. තහනම් වචන සෑර් ගේ ප්‍රෝග්‍රෑමිං

ගොං පාර්ට් බ්ලොග් එක පටන් ගත්තේ කාටවත් අපහාස කරන්න නොවේ ආයුබොවන්ඩ. අපහාස කොරන්නට ඕනෙ නම් ඕනෙ හැටියේ ඔය එක එක ඇනෝ බ්ලොග් තියෙන්නේ. මේ බ්ලොග් එක මම ලියන්නේ එක එක්කෙනාගෙ ගොංපාර්ට් ඔහෙල එක්ක බෙදා ගන්න විතරමයි ඕං.

රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බෑ කියල අපේ මහ ඈයො කිවුවා. එහෙම වැට නැති කට වලින් එහේ මෙහේ කියන කයි කතන්දර බෙදා හදා ගන්න එක තමා මම මේ කොරන්නේ.

මේ වෙනකම් මම ලිවුව සුධීක සෑර්ගෙ ඩොස් ගේම් එක, සෑම් සෑර්ගෙ සංගීත පාඩම වගේ ඒව කියෝපු ඈයොන්ට තේරෙයි, ඒව ඒ ඒ සෑර්ලම කිවුව කතා මිසක්ක මගෙන් අබමල් රේනුවක වත් අපහාසයක් ඒ මහත්තැන්ලට වෙලා නැතෙයි කියලා.

මම සුධීක සෑර්ගෙ ඩොස් ගේම් එක ගැන දැම්ම පෝස්‍ටුවට තහනම් වචන සෑර් ඇවිත් මෙන්න මෙහෙම කියල.


වර්ෂ 2000 තරම් කාලයකදී, කිසිම IDE එකක් නැතිව, Console based editor එකක් පමණක් පාවිච්චි කර, සම්පූර්ණ වදන් සකසනයක් C (C++ නොවේ) භාවිතයෙන් ලියු කෙනෙකු වන මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙමයි.

DOS Game කීවාම ඒකෙන් අදහස් වෙන්නේ DOS වලින් ගේම් ලිවීම නොව, DOS මත දිවෙන game එකක් බව වත් නොතේරෙන මේ බබාලා එක්ක මොන කතාද කියල හිතෙනවා. මෙයාලට GUI එකක් නැතිව Linux console එකකින් වැඩ කරන්න කිව්වොත් විනාඩි පහෙන් මුත්‍රා බර හැදෙයි.

අර ඇනොනිමස් කියන පාහරය ඇවිල්ල තහනම් වචන සෑර්ටත් එක එක කතන්දර කියලනේ ආයුබොවන්ඩ.

උඹ නම් අමු මෝඩයෙක්. GUI තියෙද්දි කොන්සෝල් එකේ කෝඩ් කරනව කියන එක හරි ලොකු වැඩක් කියලද උඹ හිතන් ඉන්නේ? එහෙනම් ගිනි පෙට්ටියකින් ගින්දර පත්තු කරන එකාට හිනාවෙලා ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර ගනිං (මේ උඹගෙම තකතිරු තියරිය).

තහනම් වචන සෑරුත් මේ දීල තියෙන්නේ මේ රඹටි හැලෙන්න.

Anonymous May 11, 2013 at 9:36 AM වෙත

මම නම් මගේ දුප්පත් දැනුම හදා ගත්තේ GW-BASIC පමණක් නොව, C, C/Pure Win32, C/OWL, C/ATL, C++/MFC, C++/COM/WTL සහ Pascal / TPW (Turbo Pascal for Windows) වලිනි. ඊට අමතරව අද වන විට PHP, Python, C#.NET 4.5 (with Orchard), VB*, Java/JSP/Groovy/Grails, සහ Matlab, SAS සහ S-Plus/R යන සියලු තාක්ෂණ සමග දිනපතා ගනුදෙනු කරමි.

IDE එකක් නැතිව Console එකකින් වැඩ කෙළේ පුරුද්ද හදා ගැනීමට අභ්‍යාසයක් ලෙස ය. නැතිව පිස්සුවට නොවේ.

සමහර විට මේ කතාවේ මට වැරදී තියෙන්නට ද බැරි නැත. සුදීක ඇරියේ පත නයෙක් වෙන්නට ද බැරි නැත. හැබැයි සුදීකට ගොට්ට අල්ලන්නට මට අමාරුවක් නැත. ඉහත කොමෙන්ටුව දැම්මේ වචනයක් අල්ලාගෙන ඌට තලනවා දැක ය. 

මේ සෑර් කියන විදියට ඒ සෑර් මේ වෙද්දි දිනපතා  PHP, Python, C#.NET 4.5 (with Orchard), VB*, Java/JSP/Groovy/Grails, සහ Matlab, SAS සහ S-Plus/R එක්ක වැඩකරනවලු. ඔහෙලට කියන්න ඒක කියෙවුවම මගේ මේ ගොං මොලේට මාර ප්‍රශ්නයක් ආව ආයුබොවන්ඩ.  මේ එකකට එකක් ලොකු ගැලපීමක් නැති ඔක්කොම දේවල් එක්ක "දිනපතා" වැඩ කරන්න වෙනව නම් මේ සෑර් ගෙ ඔපීසියේ ඉන්නේ මේ සෑර් විතරමද? 

මේ නාකි මම ජාලෙන් කියෝල බැලුවම දැනගත්තේ මෙච්චර එකකට එකක් වෙනස් ටෙක්නොලොජි ගොඩක් පාවිච්චි කරන්න වෙනව නම් ඒ කියන්නෙ මේ සෑර් වැඩ කරන්නෙ අපිට හිතා ගන්නත් බැරි තරම් ලොකු සිස්ටම් එකක් එක්ක.

මට හිතාගන්න බැරි මෙච්චර ලොකු වැඩ ගොඩක් කරන්න තියෙන මේවගේ දැනුම් සම්භාරයක් තියෙන උත්තමයෙක් බ්ලොග් අවකාසේ අපි එක්ක සැරි සරන්න, කමෙන්‍ටුවක් කොටන්න කාලය හොයාගන්නෙ කොහොමද කියල. අනික කොළඹ සරසවියේ උත්තමයො බ්ලොග් බලනව නම් මේ තහනම් වචන සෑර් ගෙ දැනුමයි ඒ උන්දෑ කරන වැඩයි ගැන හිතල ගෞරව ආචාරිය උපාධි පට්ටමක් පිරිනමන්නත් ඕනෙයැ කියල මම ඉල්ලා හිටිනව ආයුබොවන්ඩ.

Sunday, May 12, 2013

02. සෑම් සෑර් ගෙ සංගීතේ

සෑම් සෑර් කිවුවම ඉතිං බ්ලොග් ලෝකෙ හැමෝම දන්න බජාර් එකේ රජ බඩුවක්නේ. අභීත සෑර් කෝල් කරාම "හු*තො" කියල බැනපු එකම එකා සෑම් සෑර් වෙන්න ඇති. සෑම් සෑර් විතර බ්ලොග් අවකාසෙ රෙකෝඩ් තියපු මහත්තයෙක් තුන් ලෝකෙම නැතුව ඇති ආයුබොවන්ඩ. සත්තයි බොරු නෙවෙයි කියන්නේ.

මට මතකයි කලකට කලින් කතන්දර ආතගෙ බ්ලොග් එකේමද කොහෙද ඉන්න ඈයො මධ්‍ය නිදහස ගැන කතා කරද්දි "අපේ තාත්තටත් පත්තර ලෑල්ලක් තිබුනා" කියල කමෙන්ට් එකක් දාල සෑම් සෑර් නාගත්තා. (ලිංක් එක තියෙන මහත්තයෙක් මෙතන දැම්ම නම්)

ඊට පස්සෙ ලක ෆ්‍රෑන්ස් ලියන එකා හොයන්න කියල ඒ සෑර් අභීතගෙ ගෑනිට බැනල නමින් කමෙන්ට් එකක් දාල මැකුවා. රට්‍ටු නම් කියන්නෙ ඇනෝ දාන්න ගිහින් සෑම් සෑර් නෝන්ඩි උනා කියල. ඒත් මම නම් හිතන්නෙ නෑ සෑම් සෑර් කවදාවත් එහෙම ඇනෝ දාන කෙනෙක් කියල.

මේ ලඟකදි කතන්දර ආත "කනෙක්ට් ෆෝ" ගේම් එක ගහල ජර්මන් කාරයෙක් පැ‍රැද්දුවා කිවුවම සෑම් සෑර් ඇහුවනේ "ඔව් ඔව් මමත් ගහල තියෙනවා 6ක් තමා කනෙක් කරන්නෙ" කියල. සෑම් සෑර්ට වැරෙදෙන්න විදියක් නැති නිසා මම හිතන්නෙ සුද්දට වැරදෙන්න ඇති ආවුබොවන්ඩ.

අද බ්ලොග් බලන්න ආවම සෑම් සෑර් අදත් රෙකෝඩ් එකක් තියලලුනෙ බොල.

අර අමිල චතුරංග කොලුවා ඩවුන් ටවුන් පල්ස් ද මොකක්ද කෙහෙල්මලක් ගැන ලියල. ඒකෙ ඌ අර "හේ ජිනීවා" සිංදුව කියන අජිත් කුමාරසිරි කොලුව ගැන එහෙම ලියල තිබුනා. අපේ සෑම් සෑර් තමා ඒකට පලවෙනි කමෙන්‍ටුව දාල තියෙන්නෙ.


බස් අජියා කාලයක් හොද තැනක හිටියා. එකම රැල්ලෙ ඉදන් අනා ගත්තා. කිංස්ලියත් ඒකම කරගත්තා..

හොද ලිපියක්.

ජය !

අනේ අර සුධීක සෑර්ට බැනපු ඇනොනිමස් කියන බල්ලා ඇවිත් අපේ අහිංසක මලක් වගේ ඉන්නෙ සෑම් සෑර්ටත් මෙන්න මෙහෙම කියලා.


උඹ මොනවද මේ ලියලා තියෙන්නේ? බස් අජිත්ලා කිංස්ලිලා මතක් උනේ කොහොමද මේ ලිපියෙන්. මට හිනාවෙන්නද අඩන්නද කියල හිතගන්න බෑ. අමිල උඹේ ලිපි කියවන්නේ මේ වගේ උන්. ඩවුන්ටවුන් පල්ස් ගැන නෙමෙයි බස් අජිත්ලා ගැන ලියපන්



මු කවදාවත් හැදෙන්නේ නැති හදන්නත් බැරි විලිලජ්ජාව කියන දේ ගෑවිලාවත් නැති ටොම්බ කබ්බෙකු බව කීමට මේ කමෙන්ටුව තරම් තවත් දෙයක් වේද ? කතන්දරකාරයා වරක් ලංකාවේ පත්තර කලාව ගැන පලකල පොස්ටුවක මුගේ අප්පොච්චිගේ පත්තර ලෑල්ල ගැන ලියන්නට ගොස් මොළ පුංචේ තරම මොනවට පැහැදිලි කලේය.අම්මප අර ලකෆ්‍රාන්ස් මුට කබ්බා කියන එක හොඳ මදිය ...මු ටොම්බ කබ්බෙකි.....


ලංකාවේ පත්තර කලාව කිව්වම මු දන්නේ මුගේ තාත්තගේ පත්තර ලෑල්ල,දේශපාලනය කිව්වම මු දන්නේ ෆොන්සේකා කියන දේශපාලනික නොදරුවව,ඩවුන් ටවුන් ප්ලස් ගැන කියනකොට මු දන්නේ බස් අජිය ගැන හත්වලාමේ නොදන්නා මගුලට එක්කෝ කට නොදා හිටු.දන්නාකොම ප්‍රදර්ශනයට ගිහින් තමුන්ගේ කබ්බභාවය නිරුවත්කර නොගෙන.අර අවුරුදු පටියදාත් නොදන්නා කය්යියක් කියන්න ගිහින් අසුචි කොර ගත්ත .ලැජ්ජා නැති කොමක තරම

විමුක්ති ජයසුන්දරගේ ෆිල්ම් එකකට සුනිල් ටී ප්‍රනාන්දු විචාරයක් ලීවා වගේ කමෙන්ටුවක්.

බලහංකො මේ ගල් කබ්බගෙ කොමෙන්ට් එක.. ටිපිකල් කබු ටෙම්ප්ලේට් එකේ තියෙන්නේ....
හොඳ ලිපියක් ..
එල ලිපිය මචං.. දිගටම ලියහං..
මරු ඕයි..
බූරුවෝ... කටයි පුකයි වහං පලයං මෙතනිං.. මෝඩ මී හරකා.

සෑම්, දකින දකින හැම පෝස්ට් එකටම කියවන්නෙ නැතුව කමෙන්ට් කරා කියල ගූගලා උඹට අහවල් එකක් දෙන්නෙ නෑ. ඒක නිසා අනිත් දවසෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාද්දි පොඩ්ඩක් කියවපං.
උඹ මගේ යාලුවෙක් නිසා උඹ මෙහෙම කුජීත වෙනව දැක්කම මට දුකයි. මේ අජිත් කියල කියන්නේ අජිත් කුමාරසිරි. ඉන්ටනෙට් දැන් ලාබෙට තියෙන එකේ ගූගල් කරහංකෝ ගූ නාන්න කලින්.

Saturday, May 11, 2013

01. සුධීක සෑර් ගේ ඩොස් ගේම් එක

කතන්දර මහත්තයා මේ ටිකේ ඒරොප්පේ ගිහිං නිසා බයියෝ වෙච්චි අපිටත් ඕං ඒරොප්පේ කත්නදර ටිකක්, පිංතූර ටිකක් එහෙම බලන්න වාසනාව ලැබුනනේ ආයිබොවන්ඩ. කතන්දර සෑර් "කනෙක්ට් ෆෝ" කියල අටම්පහුරක් ගහල ජර්මන් කාරයිනුත් පරද්දල නොවෑ.

ඉතිං කතන්දර ආතා මේ විස්තරේ උන්නැහේගේ බ්ලොග් එකේ දැම්මම, සුධීක සෑර් කියපි උන්නැහේ ඩොස් වලින් මේ කනෙක්ට් ෆෝ කියන ගේම් එක හැදුවය, පස්සෙ විශුවල් වලට මාරු උනාම ආයෙ ඒක හදන්න බැරි උනාය කියල.

මම මේ ගේම එක ගොඩාක් කලින් සෙල්ලම් කළා. අපේ ගමනට සංචාරකයන් එන නිසා මේ දේවල් කලින්ම එනවා. පස්සේ මම ප්රෝග්රමින් කරන කොට මේ ගේම් එක DOS වලින් හැදුවා. පස්සේ විෂුවල් වලට මාරු වුණහම හදන්න හිටියත් අතපහු වුණා.

බය්යෙක් වෙච්චි මට ඔවුව නොතේරෙන නිසා පොඩ්ඩ්ඩක් ජාලෙන් විපරම් කොරාම තමා දැනගත්තේ ඩොස් වලින් ගේම් ලියන්න බැරිය, ගේම් ලියන්න මොකක් හරි ප්‍රෝගෑම් ලියන්න පුලුවන් බාසාවක් පාවිච්චි කොරන්ට ඕනෑය කියල.

ඒත් ඉතිං සුධීක සෑර් වගේ දැන උගත් උත්තමයෙක්ට වරදින්න විදිහක් නැති නිසා මං හිතන්නේ මේ නහින දෙහින දෙහින කාලෙ ඉන්න මං කියවද්දි වැරදුනා වෙන්න ඇතිය කියලයි ඕං.

මේ ඇනොනිමස් කියන එකා හොයා ගත්තොත් මම උගේ අම්මටත් එක්ක දෙකක් කියනව ආයිබොන්ඩ, සත්තයි. සුධීක සෑර්ගෙ කමෙන්ට් එකෙන් පස්සෙ එතුමාට ඉන්න දෙන්නෙ නැති හැටියක්. බලන්නකො මූ මේ කියල තියෙන අලුගුත්තේරු කතා ටික.

බොරු කියන්න එපා සුදීක මෙච්චර . කතාව නිකන් ලෝඩ් පකීර් වගේනේ ඔයාගේ . dos වලින් හදපු එක එවන්න බලන්න අපිට . ඒක දැන් නැහැ කියලනම් කියන්න එපා . ඔතොකොට නොන්ඩි .
  
මොකෙක් නමුත් සර්පයෙක් ඇදිලා ගියා.. නයෙක්ද මන්දා ?


Anonymous May 2, 2013 at 6:17 PM 
කෙලවුනා නේද සූදීක. කොහෙවත් නැති DOS ගේමත් ගැන කියන්න ගිහින්. මරියෝ ඔයාගේ වැඩක් ද?
ආ අමතක උනානේ. මැෂින් එකට වෛරස් ඇවිත් ඒක මැකුණානේ.
ඔන්න ආයෙත් රෙඩ් බුල් බීල.

 Anonymous May 2, 2013 at 8:20 PM 
රෑන්ඩම් ෆන්ෂන් එක ගැනවත් අවබෝදයක් තිබ්බා නම් මෙහෙම විහින් නහින්න වෙන්නේ නැහැ නෙද මහත්තයෝ ...?මේක නිකන් ලයින් ගේම් එකක් වගේ හදන්න බැහැ. මීට පස්සේ වත් තමන්ගේ ඇඟිල්ලේ තරමට බොරු කියන්න සුදීක . Dos වලට කළින් බොරු කියන්න ඉගෙන ගන්න . 

සුදීකගෙ ගමට එන සන්චාරකයින් ගැන පොතක් ලිව්වහැකි... හැම දේම කලින් ආවා තමයි.... බෙන්තර ඉන්න කාලකන්ණි ගඩ්ඩො තමයි කුඩු පුරුදු කරේ වටේටම..... ඇයි ඒඩ්ස්... ඒකත් කලින් ආවා.....

මමත් ඔය සී සෑන්ඩ්ස් එකේ කාලයක් වැඩකලා.... සුද්දො බෙන්තරට ප්‍රොග්‍රැමින් ගෙනාව වගේ සුදීකගෙ කතාව..... සුද්දො ප්‍රෝග්‍රැමින් ගෙනාවෙත් නෑ.... ගෙනාවත් බෙන්තර ඉන්න මෝල් ඩයල් ඕව ඉගෙනගන්නෙත් නෑ..... අපි නොදන්න බෙන්තර.... පව් 

සුදීකගේ ග්‍රහ පිහිටීම් ගැන දාන්න බලන්න ඇනලයිස් කරපු කමෙන්ට් එකක් නිකන් හොල්මන් වෙලා යන්නම.... නයාට උණ හැදෙන්න දෙන්න බලන්න..... 

හම්මෝ සුදීක නයාගෙ සයිස් එක....
බුදු අම්මේ මේක ලොකුයිනෙ සත් සතියෙ නයාටත් වඩා....
ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගන්න ඕනි වෙසක් එකට බලුප් දාල පෙන්නන්න.... 

Anonymous May 3, 2013 at 9:42 AM
ෆුෂ්.. ෆුෂ්.. ෆුෂ්... ෆූ....ෆූ....ෆූ....ෆුෂ්... ෆ්...ෆ්....බුදු අම්මෝ... තඩි නයෙක්... හපෝයි... දුවපියෝ..... මයි ගෝඩ් පෙනේ සයිස් එක.... කුල්ලක් විතර ඇති... ඒත් කෝ "ප" යන්න මූ නම් මාර නයෙක්... "ප" යන්න නෑ... " සුදීක " කියල තමයි ගහල තියෙන්නෙ....දුවමු..... දුවමු...... 

Anonymous May 3, 2013 at 12:55 PM
සුදීකට අපහාස / උපහාස කරන අයවලුන් අයි. පී ඇඩ්‍රස්, ඩොන්ගල් සිග්නල් මගින් හැක් කිරීම හෝ ට්‍රේස් කිරීමට ලක් වීමට ඉඩ ඇත..... 

ජරමර අස්සේ නක්කලේට වගේ කතන්දර ආතත් ඇවිත් සුධීක සෑර්ගෙන් අහනව කෝමද මේ ගේම් එක ලිවුවේ කියල ඕං.

ඒකට සුධීක සෑර් කිවුව එයා මේක ලිවුවේ ඇරේ දෙකකින්ය කියල. මගේ මේ නාකි මොලේට වැටහෙන තරමට සෑහෙන්න හිතල බලල ලියන්න ඕනෙ ගේම් එකක් ඇරේ දෙකකින් ලිවුව සුධීක සෑර් වගේ උත්තමයෙක් ඇත්තටම ඉන්න ඕනෙ ලංකාවෙ නෙමේ ආයුබොවන්ඩ.

රටේ පිනට පහල වෙච්චි මේ වගේ උත්තමයෙක් තාමත් ලංකාවෙ ඉන්න එකම ලොකු දෙයක් නොවෑ.