Tuesday, May 14, 2013

04. නලීන් සෑර්ගේ සූර්ය තාපයෙන් කරෝල වේලිල්ල

නලින් සෑර් පෝස්‍ටුවක් දමල තිබුනනෙ බොලවු ආණ්ඩුවෙන් සූර්ය තාපයෙන් මාලු විජනනය කොරන කුටීරයක් නාත්තණ්ඩෙයේ හැදුවය කියල. මොනව උනත් යස වැඩක් නොවැ කියල මමත් ඒ ගැන විපරං කොරා.

ආණ්ඩුවෙන් ගමට කොරන්නෙ නැතිය, රේස් පදිනවා බාල් නටනවා විතරය කිය කිය කෑගහන වේ*ගෙ පුතාලට ඔන්න හොඳ පාඩමක් කියල මමත් චූං එකේ විස්කිරිඥයක් එක්ක ප්ලේන්ටියක් ගහන ගමං නලින් සෑර්ගෙ පත්තරේ විස්තරේ බැලුව නොවැ.

"මූදූකටුව ධිවර ගම්මානයේ අතිරික්ත මාළු අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහ ධීවර ජනතාවට මාළු අස්වැන්නෙන් වැඩි ආදායමක් ලබා ගැනිමට පහසුකම්  සැලසිම  මඟින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වෙනත් කිසිඳු බලශක්තියක් භාවිත නොකර සූර්යතාපයෙන් පමණක්  ක්‍රියාත්මක වන මෙම තාප කුටිරයෙන් දිනකට මාළු  කිලෝ 120ක් පමණ විජලනය කිරිමේ හැකියාව පවතී. මෙම  විජලිත මාළුවල විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන විජලිත මාළුවලට වඩා උසස් තත්ත්වයෙන් යුත් වැලි සහ අපද්‍රව්‍යයන්ගෙන් තොර රසයෙන් සහ ගුණයෙන් යුත් සෞඛ්‍ය ආරක‍ෂිත සහ ගුණාත්මක බවින් වැඩි කරවල නිෂ්පාදනයක් ලබා ගැනිමට හැකි වීමයි. "


ඔය පෝස්‍ටුවේ කමෙන්‍ටු බලද්දි තවත් එකෙක් ඔය තාප විජලන කුටීර අට්ම්පහුර ගැනම ලියල තිබුන නොවැ බොල. නලින් සෑර් චම්පික සෑර් දෙයියෙක් කරල ලිවුවට අනිත් සෑර් චම්පික සෑර්වයි නලින් සෑර්වයි දෙන්නම බලු කොරල ලියල තිබුනේ.

"සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය හදා ඇත්තේ කොහොමදැයි  හොයා බැලූ විට දැන ගන්ට ලැබුනේ යකඩ දැල් තට්‍ටු කීපයකට ගසා ඒ වටේට කපුටන්ට එන්ට බැරි වෙන්ට තව දැලක් දමා තිබීමය. කොටින් කිව්වොත් සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය කිය  කියන්නේ අව්වෙන් කරවල වේලන තට්‍ටුවටය.

ලංකාවේ  විද්‍යා ,තාක්ෂණ හා  පරමාණුක බලශක්ති අමාත්‍යාංශයේ අලුත් සොයා ගැනීම මාලු අව්වේ දැම්මාම කරවල හැදෙන බවය. මේ  හොයා ගැනීම නිසා සමහර විට චම්පික ඇමතිතුමාට නෝබෙල් තෑග්ගත් හම්බ වෙන්ට ඉඩ තිබේය.අපි එතුමාට සුභ පතමු."


මගේ මේ නාකි මොලේට කම්පනා වුනේ ලක්ස දෙකකට කිට්‍ටුව වියදම් කොරල ඔය කියන අවුවෙන් කරවල වේලන ගැජට් එකක් හදන්නෙ නැතුව, පැදුරක අවුවේ මාලු වේලෙන්න දාල, "සූ සූ" කියල කපුටො එලවන්න දවසට රුපියල් 100 ක් දීල පොඩි කොලුවෙක් දැම්ම නම් අවුරුදු 5 ක් කරෝල වේලතෑකිනෙ ආයුබොවන්ඩ.

නලින් සෑර් ගිහින් හොඳට පැහැදිලි කරල දීල තියෙනව මේ සූර්ය බලශක්ති, සූර්යතාප, විජලන, විකිරන අහවල් උපකරණෙ ගැන අරූට කංවල ඇඟිලි ගහගන්න.

අමාවක මේ සටහන ගියේ මගේ බ්ලොග් එකේ.. මෙතැන දැලක් නොවේ ඉටි ආවරණයක් පවතින්නේ. ඒ වගේම ජලවාශ්ප අයින් කරන ක්‍රමවේදයකුත් සිදුවෙනවා..නිකම්ම අව්වේ වේලනවාට වඩා වැඩි දෙයක් සිදුවෙනවා.. ඒ වගේම ඔබ කියන්න යන දෙයත් නොවැටහෙනවා නොවේ.පිංතුරයේ පහළ හොඳින් බලන්න මා කියනා දේ වැටහේවි..

ඇනොනිමස් කියන එකා ඇවිල්ල නලින් සෑර්ටත් බැනල තිබුන නොවැ. අම්මප මට ඕක අහුවුනොත් ඕකගෙ හතර හංදි කඩනව කඩනවාමයි.

නලින්, ආණ්ඩුවට පුක දෙනවට මාසෙකට කීයක් ගෙවනවද බන්? 

මචන් අව්වේ වෙලනකොට ජල වශේපේ අහක්වෙන්නේ නැද්ද?  

වහිනකොට පුක එලියෙ දාගෙන තල් අත්තක් උස්සන් වෙන්න ඉන්න වෙනකොට කොහොමද? 

උබ ඉන්නේ වහින කාලෙට කරවල වේලන කේප්ප හරක් ඉන්න පැත්තකද? එතකොට අර ජලවශ්පේ පැකට් කරලද අහක් කරන්නේ? 

ඔය විදිහට කඩේ ගිය එව්වො තමයි කරෝල කූරියො වෙලා කඩේ එල්ලිලා ඉදලා අපේ බඩට යන්නෙ... එතකන් ඉතින් කරවල ගද පතුර පතුර යනවා.... 

වහින කාලෙට විමලෙට කියලා කෙසෙල් කොළ අටවනයක් හදා ගනිල්ලා. එක මරු. 

අධීක නිශ්පාදනය නිසා කරවල මිළ පහළට
(පරමාණු ශක්තිය සොයා විදේශීය දූත පිරිසක් ලංකාවට සැපැත්වන වගයි) 

උඹලා කාටවත් මේ වැඩේ වටිනාකම තේරෙන්නේ නැති හැටි අම්මපා.යකෝ කරවල ඔය විදියට වේලුවාම ඒකේ හොඳ ශක්තියක් ගබඩා වෙනවා. ඊට පස්සේ ඒ කරවල පරමාණු බෝම්බ විදියට පාවිච්චි කරන්න පුලුවන්.

3 comments:

  1. ගොංපාට් එක කෙළලා තියෙන්නේ නලින් ද චම්පික ද? අනේ මන්ද!

    ReplyDelete
    Replies
    1. චම්පික ඇතුලු ආණ්ඩුවේ තමයි ගොංපාර්ට් එක. සොයා බලන්නෙ නැතුව ඒකට පබ්ලිසිටියක් දීල ඒ වෙනුවෙන් පෙනී හිටිය එක නලින්ගෙ ගොංපාර්ට් එක. (මට හිතෙන හැටි)

      Delete
    2. මචෝ මේක මගේ ගොං පාර්ට් එකක් වෙන්නත් ඇති.. ඒත් ඒ පෝස්ටුවේ මා කොතැනකවත් දේශපාලකයෙක් මේකට සම්බන්ධ කර නැහැ. නැවත ගොස් කියවා බලන්න.
      ඒ වගේම ඇනෝ මචෝ මා පබ්ලිසිටිය දුන්නේ මේ සොයාගත් නව යාන්ත්‍රණයටයි.
      අදයි බං මට මේ අඩවිය අහුවුණේ... මේ යන රටාව හොදයි.. කුණුහරුප නැතුව උපහාසයෙන් ම යමු..
      උඹලට ජයවේවා..

      Delete

ඇනොනිමස්ටත් මේකේ කොටන්න ඇහැකිය. හැබැයි කුනුහබ්බ දැම්මොත් තොගේ අම්මටත් ඒක පෙන්නලා මකල දානවා. ඕං නොකීවැයි කියන්නෙපා.