Monday, May 13, 2013

03. තහනම් වචන සෑර් ගේ ප්‍රෝග්‍රෑමිං

ගොං පාර්ට් බ්ලොග් එක පටන් ගත්තේ කාටවත් අපහාස කරන්න නොවේ ආයුබොවන්ඩ. අපහාස කොරන්නට ඕනෙ නම් ඕනෙ හැටියේ ඔය එක එක ඇනෝ බ්ලොග් තියෙන්නේ. මේ බ්ලොග් එක මම ලියන්නේ එක එක්කෙනාගෙ ගොංපාර්ට් ඔහෙල එක්ක බෙදා ගන්න විතරමයි ඕං.

රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බෑ කියල අපේ මහ ඈයො කිවුවා. එහෙම වැට නැති කට වලින් එහේ මෙහේ කියන කයි කතන්දර බෙදා හදා ගන්න එක තමා මම මේ කොරන්නේ.

මේ වෙනකම් මම ලිවුව සුධීක සෑර්ගෙ ඩොස් ගේම් එක, සෑම් සෑර්ගෙ සංගීත පාඩම වගේ ඒව කියෝපු ඈයොන්ට තේරෙයි, ඒව ඒ ඒ සෑර්ලම කිවුව කතා මිසක්ක මගෙන් අබමල් රේනුවක වත් අපහාසයක් ඒ මහත්තැන්ලට වෙලා නැතෙයි කියලා.

මම සුධීක සෑර්ගෙ ඩොස් ගේම් එක ගැන දැම්ම පෝස්‍ටුවට තහනම් වචන සෑර් ඇවිත් මෙන්න මෙහෙම කියල.


වර්ෂ 2000 තරම් කාලයකදී, කිසිම IDE එකක් නැතිව, Console based editor එකක් පමණක් පාවිච්චි කර, සම්පූර්ණ වදන් සකසනයක් C (C++ නොවේ) භාවිතයෙන් ලියු කෙනෙකු වන මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙමයි.

DOS Game කීවාම ඒකෙන් අදහස් වෙන්නේ DOS වලින් ගේම් ලිවීම නොව, DOS මත දිවෙන game එකක් බව වත් නොතේරෙන මේ බබාලා එක්ක මොන කතාද කියල හිතෙනවා. මෙයාලට GUI එකක් නැතිව Linux console එකකින් වැඩ කරන්න කිව්වොත් විනාඩි පහෙන් මුත්‍රා බර හැදෙයි.

අර ඇනොනිමස් කියන පාහරය ඇවිල්ල තහනම් වචන සෑර්ටත් එක එක කතන්දර කියලනේ ආයුබොවන්ඩ.

උඹ නම් අමු මෝඩයෙක්. GUI තියෙද්දි කොන්සෝල් එකේ කෝඩ් කරනව කියන එක හරි ලොකු වැඩක් කියලද උඹ හිතන් ඉන්නේ? එහෙනම් ගිනි පෙට්ටියකින් ගින්දර පත්තු කරන එකාට හිනාවෙලා ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර ගනිං (මේ උඹගෙම තකතිරු තියරිය).

තහනම් වචන සෑරුත් මේ දීල තියෙන්නේ මේ රඹටි හැලෙන්න.

Anonymous May 11, 2013 at 9:36 AM වෙත

මම නම් මගේ දුප්පත් දැනුම හදා ගත්තේ GW-BASIC පමණක් නොව, C, C/Pure Win32, C/OWL, C/ATL, C++/MFC, C++/COM/WTL සහ Pascal / TPW (Turbo Pascal for Windows) වලිනි. ඊට අමතරව අද වන විට PHP, Python, C#.NET 4.5 (with Orchard), VB*, Java/JSP/Groovy/Grails, සහ Matlab, SAS සහ S-Plus/R යන සියලු තාක්ෂණ සමග දිනපතා ගනුදෙනු කරමි.

IDE එකක් නැතිව Console එකකින් වැඩ කෙළේ පුරුද්ද හදා ගැනීමට අභ්‍යාසයක් ලෙස ය. නැතිව පිස්සුවට නොවේ.

සමහර විට මේ කතාවේ මට වැරදී තියෙන්නට ද බැරි නැත. සුදීක ඇරියේ පත නයෙක් වෙන්නට ද බැරි නැත. හැබැයි සුදීකට ගොට්ට අල්ලන්නට මට අමාරුවක් නැත. ඉහත කොමෙන්ටුව දැම්මේ වචනයක් අල්ලාගෙන ඌට තලනවා දැක ය. 

මේ සෑර් කියන විදියට ඒ සෑර් මේ වෙද්දි දිනපතා  PHP, Python, C#.NET 4.5 (with Orchard), VB*, Java/JSP/Groovy/Grails, සහ Matlab, SAS සහ S-Plus/R එක්ක වැඩකරනවලු. ඔහෙලට කියන්න ඒක කියෙවුවම මගේ මේ ගොං මොලේට මාර ප්‍රශ්නයක් ආව ආයුබොවන්ඩ.  මේ එකකට එකක් ලොකු ගැලපීමක් නැති ඔක්කොම දේවල් එක්ක "දිනපතා" වැඩ කරන්න වෙනව නම් මේ සෑර් ගෙ ඔපීසියේ ඉන්නේ මේ සෑර් විතරමද? 

මේ නාකි මම ජාලෙන් කියෝල බැලුවම දැනගත්තේ මෙච්චර එකකට එකක් වෙනස් ටෙක්නොලොජි ගොඩක් පාවිච්චි කරන්න වෙනව නම් ඒ කියන්නෙ මේ සෑර් වැඩ කරන්නෙ අපිට හිතා ගන්නත් බැරි තරම් ලොකු සිස්ටම් එකක් එක්ක.

මට හිතාගන්න බැරි මෙච්චර ලොකු වැඩ ගොඩක් කරන්න තියෙන මේවගේ දැනුම් සම්භාරයක් තියෙන උත්තමයෙක් බ්ලොග් අවකාසේ අපි එක්ක සැරි සරන්න, කමෙන්‍ටුවක් කොටන්න කාලය හොයාගන්නෙ කොහොමද කියල. අනික කොළඹ සරසවියේ උත්තමයො බ්ලොග් බලනව නම් මේ තහනම් වචන සෑර් ගෙ දැනුමයි ඒ උන්දෑ කරන වැඩයි ගැන හිතල ගෞරව ආචාරිය උපාධි පට්ටමක් පිරිනමන්නත් ඕනෙයැ කියල මම ඉල්ලා හිටිනව ආයුබොවන්ඩ.

35 comments:

  1. යකෝ මේ බ්ලොග් එකට පබ්ලිසිටියක් දීපන්....

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ බ්ලොග් එකෙන් මමත් මෙහෙට ආවේ. මේක තව ටිකක් ප්‍රොමෝට් කරා නම් හොඳයි. ලිවුවට වැඩක් නෑ වැඩිය අය දකින්නෙ නැත්නම්.

      Delete
  2. ඔව්, මේක කොහොමහරි ගොඩ දාන්න ඕනේ,



    සුභ වේවා.....!!!
    රාජ සම්පත් ලැබේවා...!![කබ්බෙක්ගෙන් උපුටා ගතිමි.]

    ReplyDelete
  3. අනිත් ඒවා මොනවා උනත් මේ ලියලා තියන එකනම් ඇත්ත කියලා මටත් හිතෙනවා.

    මම මහා ලොකු පොරක් නෙවේ 6 years විතර experiance තියෙන්නේ.
    මම වැඩකරපු කිසිම තැනක ඔය වගේ එකකට එකක් ලොකු ගැලපීමක් නැති ඔක්කොම කරන කව්රුවත් හිටියේ නැ.( architecture ලා ඇරුනම.උනුඋත් ඔය ඔක්කොම දන්නැතුව ඇති)
    කව්රුත් studies කරන කාලේ ඕවා ඔක්කොම ඉගෙනගත්තට ජොබ් කරනකොට ෆීල්ඩ් එකක් select කරගෙන professional path එකේ යනවා.
    මම මේ අවූරුදු 6ටම language එකක් විදිහට java විතරයි කරලා තියෙන්නේ.

    මෙන්න මගේ ලිස්ට් එක මතක ඒවා.
    UML ,SQL, HQL,HTML, XML,
    J2SE, JDBC, J2EE, Web service, Java Script, Json, AJAX , Jasper Report
    Struts 2,Hibernate 3, Spring MVC , JSF , JQuery
    Apache Tomcat , Glass Fish, JBoss
    MYSQL ,MSSQL

    මෙතන කලවමේ තියෙන්නේ.පොර talk එකක් නෙවෙ.අපි වැඩ කරන්නේ මේ විදිහට.

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් ලැන්වේජ් ඉගෙන ගත්තට මුලින්ම ඩිවලොප් කරන්න උනේ Classic ASP. ඊට පස්සෙ 200 විතර ඉඳන් C# (එතකොට .NET Framework beta). අදටත් වෙන වෙන ලැන්වේජ් එහෙන් මෙහෙම් පාවිච්චි කරාට දිනපතා වැඩ කරන්නේ C#.

      අපේ කොම්පැනියේ ඉන්නවා එකෙක් PHP, Python, .NET, Java 4 ම හොඳට පුලුවන්. ඒත් එක ප්‍රොජෙක්ට් එකකදි ඌ වැඩ කරන්නෙ එක ලැන්වේජ් එකක්, එහෙමත් නැත්නම් වැඩිම උනොත් දෙකක් එක්ක.

      ඉතිං මටත් පේන්නෙ මේක නිකම් වෙබ් එකෙන් පොඩි කොපි පේස්ට් පාරක් දාල ලොකු ටෝකක් දීල තියෙනව කියල විතරයි. මුං මෙහෙම ගොං කතා කියන්නේ අපි කවුරු මුං බත් කන හරක් උනාට අපිත් එහෙම කියල හිතාගෙනද?

      Delete
    2. Language godak?
      Jayavewa
      (Mama Sanjeewa Mendis)

      Delete
    3. නැ මෙතන තියෙන්නේ Java වලින් enterprise level එකේ project එකක් කරන්ඩ පුළුවන් ජාවා සහ related technologies.
      (Java,Java Frameworks ,web application servers,Databases ..etc ).Languages ගොඩක් නෙවෙ.

      Delete
    4. මෙතන තියෙන්නේ ජාවා රිලේටඩ් ටෙක්නොලොජි උනාට තහනම් වචන කියල තියෙන්නෙ අන්රිලේටඩ් ටෙක්නොලොජි ගොඩක් ගැන, මම නම් හිතන්නේ ඌ නෙට් එකෙන් ඔහේ කොපි පේස්ට් කරල දැන් මුත්‍ර බර හැදිල ඉන්න හරකෙක් කියල.

      Delete
    5. ස්තුතියි! මා මේ සියල්ල එකවර කරන බවක් ලිපිය ලියු රචකයා අදහස් කර ඇති බව පෙනේ. එනිසා සරල පැහැදිලි කිරීමක් කරමි.

      1. PHP, Python සහ C#.NET 4.5 (with Orchard), VB* යොදා ගන්නේ back-end (server-side) කේතන සඳහා ය.

      2. Java/JSP/Groovy/Grails සහ අනිකුත් තාක්ෂනයන් යොදා ගන්නේ MVC නම් ක්‍රමවේදය මත පිහිටා ය.

      3. Matlab, SAS සහ S-Plus/R හදාරන්නේ මගේ පශ්චාත් උපාධිය සඳහා ය.

      එකිනෙකට වෙනස් තාක්ෂණ කිහිපයක් සමග වැඩ කිරීම මේ වන විට අරුමයක් නොවේ. මගේ හුරු පුරුදුම තාක්ෂණය වන්නේ C# .NET 4.5 (MVC4) ය. ඉතිරිවා ද මෑත කලක පටන් කාලයෙන් කාලයට ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට අවැසි වන ලෙස යොදා ගනිමි. C# තරමටම එකී සියලු භාෂාවන්ගේ පරිණතයකු නොවුණත්, අදාළ වැඩේ කරගැනීමට තරම් ශක්‍යතාවක් මට තිබේ. ඒ මට ප්‍රමාණවත් ය.

      අනික රචකයා නොදන්නවාට මේ සියල්ල එකට එක ගැළපෙන එක තැනක් තිබේ: ඊට MVC/MVVM Architecture කියා කියති.

      තාක්ෂණ කීපයක් සමග වැඩ කෙරීමට වඩා නම් බොහෝ දේ ආචාර්ය උපාධියක් සඳහා කළයුතුය.

      Delete
    6. ඔහොම කීවර්ඩ්ස් ටිකක් කිවුවම කට්ටිය සද්ද වහයි කියල හිතනවද? බලපන් හෙට කම්පීතර දන්න එකෙක් හරි බොට උත්තර දෙයි පුතේ රෙද්දේ රෙවෙන්නම.

      Delete
    7. අනේ බං ගොං කැ#යෝ. නොදන්න මගුල් කතා නොකර හි‍ටු. උඹ දන්නෙ C# විතර නම් .NET වලට MVC අඳුන්නලා දීල ගොඩක් කල්. උඹ ඉන්නේ ගල් දෙක අතුල්ලලා ගින්දර ගන්න, කොන්සෝල් එකේ ඇප් ලියන ගල් යුගේ නේ. එතනම හිටහං. MVP C# වලින් ලියන්න එපා. ඔය කරන ගොච් හු*තම කරපං. අනික බැක් එන්ඩ් වලට ඔච්චර ටෙක්නොලොජි පාවිච්චි කරන්නේ, උඹගෙ බැක් එන්ඩ් එක පබ්ලික් එකට ඕපන් කරලද තියෙන්නෙ?

      Delete
    8. ඇස් පේන්නෙ නැද්ද හු#තො... MVP බි#ජක් කොහෙද කියල තියෙන්නේ, ඌ කියල තියෙන්නෙ MVC ගැන. ෂුවර් එකටම මේ නම් රෙද්දෙ ගාගන්න කබ්බෙක්.

      Delete
    9. මගේ බැක් එන්ඩ් එක කවදාවත්ම public කෙළේ නැත. එය හැමදාමත් private ය. ;)

      Delete
  4. ආ...කබ්බන්ට නෙලන්න තව බොගක් වගේ. එළ එළ. ඒත් ඇයි බං මෙච්චර පස්සෙන් පන්නන්නේ. උන්ට ඔච්චරම භයද? නැත්නම් ඉරිසියාවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. සෑර්, මේ බ්ලොග් එකේ තියෙන්නෙ ඔය එක එක්ගෙ ගොංපාර්ට් විතරයි. සෑර් කියනව කබ්බොන්ට අරිනවලු. ඕනෙ එකෙක් ගොංපාර්ට් දැම්මොත් ඒව මම ලියනව සහතිකයි ආයුබොවන්ඩ.

      තමුන්නැහේම හිතල බලන්නකෝ සෑර් මේ අන්තිම සතියෙ වැඩිම ගොංපාර්ට් දැම්මෙ මොක්කුද කියල?

      උඩින් කිවුව වගේ කුනුහබ්බ කියන්නව නම් තරු දාල කියපිය. හෙන ගහන්න වගේ කිවුවොත් නම් "කමෙන්ට් එකට ඇඩ්ඩියා ඇරියාය" කියල වැටෙයි ඕං.

      Delete
  5. මොනවා වුණත් ලකාගේ මට්ටමට නොවැටී පොඩි ආතල් එකක් පමණක් දීම ගැන ලියන එකාට ස්තුති වන්ත වෙන්න ඕනේ. උපහාසය සහ අපහාසය අතර වෙනස දැනගෙන ලියන එක වටිනව මේ ඇනපු ටොක්කට වඩා.. ;)

    පලි/ පොඩ්ඩක් විතර අතිශයෝක්තිය දැම්ම තමා, එක හරි.. ඒ වුණාට කිව්වේ ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ado muta sammanayak deepan. menna pahadiliwa hithanna puluwan ewun.

      mata kabbo pennanna ba. eth machan ube me wachana tikata +999999!

      Delete
  6. අර බ්ලොග් ලියන සහ කියවන උන්ට දෙපා බල්ලො කිය කියා තමන්ගෙ බ්ලොග් වල පෝස්ට් දාන අටම් සහ සෑම් මෙතනට එන තුරු මේක ලස්සනට තියෙයි. උන් ආවොත් නම්. ලකෆ්‍රැන්ස් එක කක්කුස්සියක් කලා වගේ මේකත් කක්කුස්සියක් කරයි ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තහනම් වචන කිවුව වගේ, මේක ලියන එකා අපහාසෙට වඩා උපහාසයක් විදියටම මේක ගෙනියයි කියල. එහෙම නොවුනොත් මේකෙනුත් වැඩක් නෑ.

      Delete
    2. me wadema karanna gaththu ekek hitiya thatta some kiyala.. Oo ko ban?

      Delete
    3. ඒක කියවලා නෑ මචං. දැන් නම් ඒ බ්ලොග් එකත් නෑ. ඉස්සර මම දැක්ක මේ වගේම එකෙක් පඩ ශෝ කියල.

      http://padashow.wordpress.com/

      Delete
    4. අන්න බොලවූ තව ලකෆ්‍රෑන්ස් කෙනෙක් ඇවිදින්!

      http://lakafrance.wordpress.com/

      Delete
    5. මොන ලකෆ්‍රෑන්ස්ද? ඔය සෑම්ගෙ පොඩි මන්ද බුද්ධික වැඩක්නේ. කබ්බන්ට ඇනෝ බ්ලොග් එකක්වත් ලියන්න බෑ. ලියන ලියන එක චාටර් වෙනවා.

      Delete
  7. මට හිතෙන විදියට 2000 ඉඳන් කෝඩ් කරා කිවුවට තහනම් වචන මේ ෆීල්ඩ් එකට (එන්ටප්‍රයිස් සොෆ්ට්වෙයා ඩෙවෙලොප්මන්ට්) අලුත් කියලයි මට හිතන්නේ. ඔක්කොමල්ල ඌට නෙලන්න ලෑස්ති වෙන්ව මිසක් එකෙක්වත් අඩුපාඩුවක් පෙන්නල දෙන පාටක් නෑ.

    සොෆ්ට්වෙයා එකක් ලියනව කියල ඕනෙ නම් ඔහේ අටවලා දෙන්න පුලුවන්. ඒත් ඒක ස්ටේබල්වත් ස්කේලබල්වත් මේන්ටේනබල් වත් වෙන්නෙ නෑ. පිලිවෙලැන්කට ලියන සොෆ්ට්වෙයා එකක් සහ එන්වයරමන්ට් එක ගැන මම උදාහරණයක් දෙන්නම්.

    මම දැනට ඩෙවෙලොප් කරන සොෆ්ට්වෙයා එකක් තියෙනවා. මම විතරක් නෙමෙයි තව 20ක් විතර වැඩ කරනවා. ඒකෙ වෙබ් ඇඩ්මින් එක ලියල තියෙන්නේ C# MVC Razor එන්ජින් එකත් එක්ක. ක්ලයන්ට්ස් ලා ජාති 3 ක් මේක එක්ක ඩීල් කරනවා.

    ඇන්ඩ්‍රොයිඩ් වලට ජාව ක්ලයන්ට් කෙනෙක්, ඇපල් වලට ඔබ්ජෙක්ටිව් C ක්ලයන්ට් කෙනෙක්, වෙබ් බේස් ක්ලයන්ට්ස් ලට ජැන්ගො (Python) වලින් කරපු වෙබ් ක්ලයන්ට් එකක්. අනික සර්විස් ලේයර එක තනිකරම WCF REST සර්විසස් තියෙන්නෙ.

    මේ ක්ලයන්ට්, සර්වර්, සර්විස් ඇප් ඔක්කොම මුල ඉඳන් අපි ලිවුවේ. දැනට මේක ෆෝචූන් 100 කම්පැනි 5ක් ඇතුලුව කම්පැනි 15 ක් විතර පාවිච්චි කරනවා. මේකෙ අමාරුව වැඩේ අලුත් ෆීචර්ස් ඉන්ට්‍රොඩියුස් කරද්දි ප්‍රොඩක්ශන් ඇප් එක බ්‍රේක් නොවී කොලිටි එක මේන්ටේන් කරන එක.

    අපි 3 වීක්ස් ස්ප්‍රින්ට් විදියට ඩෙවෙලොප් කරන්නේ. පලවෙනි වීක් දෙක කෝඩිං, තුන්වෙනි වීක් එක ටෙස්ටිං ඇන්ඩ් බග් ‍ෆිංක්සිං. ඊට පස්සේ ස්ටේජිං එන්වයරමන්ට් එකේ ඩිප්ලොයි කරල එතනත් ටෙස්ට් කරල තමා ප්‍රොඩක්ශන් එක අප්ඩේට් කරන්නේ.

    ස්ප්‍රින්ට් ප්ලෑනිං ටයිම් බොක්ස් මීටිං, ඩේලි ස්ක්‍රම්, ස්ප්‍රින්ට් රෙට්‍රොස්පෙක්ටිව් මීටිං, වීක්ලි ස්ටේක්හෝල්ඩර් මීටිං, ඔය වගේ රෙගියුලර් කමියුනිකේශන් එකක් මේන්ටේන් කරනව කස්ටමර් සහ ටීම් එක අතර.

    ඒ ඇරෙන්න කන්ටිනිවස් ඉන්ටග්‍රේශන් විදියට කෲස් කන්ට්‍රෝලර් .NET, රිපෝ එක විදියට GIT, බිල්ඩ් ඔටෝමේශන් වලට MS Build, nAnt, ස්ටොරේජ් වලට ඇමසන් S3, සර්චිං වලට ඉලාස්ටික් සර්ච්, ඩී අයි අලට වලට ස්ට්‍රක්චර් මැප් පාවිච්චි කරනවා.

    කෝඩ් කවරේජ් (යුනිට් ටෙස්ට් කවරේජ්) 90% වඩා බැස්සොත් හරි, ස්ටයිල් කොප්, කෝඩ් ඇනලිසිස් වෝනිං තිබ්බොත් හරි බිල්ඩ් එක ඔටෝ ෆේ ල් වෙනවා. ඒ රෙගියුලර් බිල්ඩ් එක ඇරෙන්න නයිට්ලි බිල්ඩ් එකක් වෙනම යනවා. ඒකෙදි ඔය API Documentation ජෙනරේශන් එහෙමත් වෙනවා.

    ඒ ඇරෙන්න ඕනෙම රිලීස් එකක් ටෙස්ටිං වලට යවන්න කලින් අනිවාර්යෙන්ම ආකිටෙක් කෙනෙක් එක්ක කෝඩ් රිවිව් එකක් කරල කෝඩ් රිවිව් එක පාස් වෙන්නම ඕනෙ. ඕනෙ රිලීස් එකක් ටෙස්ටිං පාස් උනාම කස්ටමර්ට යන්න කලින් ඉන්ටර්නල් ඩෙමෝ එකක් තියල ඒකෙන් පාස් වෙන්නත් ඕනෙ.

    මම ඔය කෙටියෙන් කිවුවේ එන්ටප්‍රයිස් සොෆ්ට්වෙයා එකක් ඩෙවෙලොප් කරද්දි කෝඩ් ලයින් ටිකක් කොටනවට වඩා සෑහෙන්න දෙයක් හිතන්න තියෙනව කියල.

    ReplyDelete
    Replies
    1. හයියෝ ෂල්ලි
      මොනවද බං මේ පොඩි දේකට මේ තරං වචන නාස්ති කරගෙන හෑල්ලක් ලියන්නේ. උඹ පොරක් කියලා පෙන්නන්නද?

      ලංකාවේ ඉන්න අයි ටී කාරයෝ හිතං ඉන්නේ උන් හෙන වැඩ්ඩෝ කියලා. අනේ බං නෙට් එකෙන් කොපි කරගත්ත කෝඩ් වල වෙනස්කං කර කර ප්‍රෝගෑම් ගොඩ දාගන්න උඹලා දන්න රෙද්ද.

      පුකේ අයිටී අනේ හුකේ

      Delete
    2. WSO2 Enterprise Service Bus, Millennium Stock Exchange System වගේ එව ගැන පොඩ්ඩක් සර්ච් කරපං. උඹ කොපි පේස්ට් කාරයෙක් උනා කියල හැමෝම එහෙම වෙන්නෙ නෑ.

      Delete
    3. @AnonymousMay 14, 2013 at 9:11 AM
      /*ලංකාවේ ඉන්න අයි ටී කාරයෝ හිතං ඉන්නේ උන් හෙන වැඩ්ඩෝ කියලා.*/
      for a fact yes.. Sri Lanka is one of the main countries which produce software for international market. But Sri Lanka is not ready for using most of these with in country. Though I'm not in IT sector I know plenty of guys who's in software business and master minds... at least appreciate what Sri Lankan's are doing..

      Delete
    4. AnonymousMay 15, 2013 at 7:37 PM

      Totally agree. One of the reasons why those software's cannot be used within our country is simply most companies cannot afford that. And also some of the have the mind set anything imported has a better quality. I am in the IT sector and I have involved in enterprise application development for several European countries.

      Another reason for this is even though we have excellent developers, there are guys (most probably fresh graduates or people with limited knowledge), who develop low quality software's / designs for very low prices. So most Sri Lankan's go for the lower price over high quality.

      Delete
    5. //හයියෝ ෂල්ලි
      මොනවද බං මේ පොඩි දේකට මේ තරං වචන නාස්ති කරගෙන හෑල්ලක් ලියන්නේ. උඹ පොරක් කියලා පෙන්නන්නද?

      ලංකාවේ ඉන්න අයි ටී කාරයෝ හිතං ඉන්නේ උන් හෙන වැඩ්ඩෝ කියලා. අනේ බං නෙට් එකෙන් කොපි කරගත්ත කෝඩ් වල වෙනස්කං කර කර ප්‍රෝගෑම් ගොඩ දාගන්න උඹලා දන්න රෙද්ද.

      පුකේ අයිටී අනේ හුකේ//

      noogath ewun mekata awith gon part daanna kalin hugak meke hitiye IT karana ewun. Un wadima wunoth mokadda hodama IDE eka kiyala waliyak da gani.

      eta passe awe political ewun. untath monawa wunath discipline ekak thibba wali yam mattamakata pawathwa ganna.

      kabbo wage nugath haththa mewata awata passe thamai sinhala blogging walata lassanata kela wune.

      moda ballo. tho nugathek wunata uda comment eka daapu eka thota wada deyak karana ekek kiyala anith unta therenawa. nikan burala ata kapa ganne nathuwa hitapan.

      Delete
    6. I don't know about the "decency" part but yes, there was a certain level of writing which was unanimously maintained by bloggers. But don't forget that even the most elite writers find reason to lose their patience; take Taboo for example. He is one blogger whose style I admire to this date. (I wouldn't be lying if I said he was my inspiration into serious blogging, amongst many: I had maintained a rather stale blog of my personal ideas but never considered a blog to be in receivership of such a wide audience.) But he himself found reasons and method to attack if needs must be, even relentlessly and sometimes bordering on sheer vulgarity. Check this out for what a decent blogger's vehemency means.

      Bottom line: decency depends. But yes, no matter what, there is a lower limit that is acceptable.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete

ඇනොනිමස්ටත් මේකේ කොටන්න ඇහැකිය. හැබැයි කුනුහබ්බ දැම්මොත් තොගේ අම්මටත් ඒක පෙන්නලා මකල දානවා. ඕං නොකීවැයි කියන්නෙපා.